May 15, 2024

පොලිස් සැරයන් ගිනි අවියත් රැගෙන පලා යයි - ස්ථානාධිපති ඇතුළු 9 දෙනෙකු ඝාතනය කරන බවට තර්ජනය කරලා Featured

November 09, 2020

පුද්ගලයින් 9 දෙනෙකු ඝාතනය කරන බව පවසා රාජකාරී ගිනි අවිය සමඟ පළා ගොස්, මේ වන විට සැඟව සිටින රත්නපුර - කුරුවිට පොලිස් ස්ථානයේ සැරයන්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 10ක් පත් කර තිබේ.

පසුගිය මස 29 වන දා මෙම පොලිස් සැරයන්වරයා සිරිපාගම ප්‍රදේශයේ රාජකාරියේ නිරත වූ අවස්ථාවේදී ගිනි අවියත් සමඟ පළා ගොස් තිබිණි.

එලෙස පළා ගිය පොලිස් සැරයන්වරයා කුරුණෑගල ප්‍රදේශයේ ඔහුගේ ඥාති නිවෙස් කිහිපයකට ගොස් ගිනි අවිය පෙන්වා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට 9 දෙනෙකු ඝාතනය කිරීමට අවශ්‍ය බවයි.

එම 9 දෙනා අතර කුරුවිට පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ද සිටින බව ඔහු ඥාතීන්ට ප්‍රකාශ කර තිබේ.

දැනට එම පොලිස් සැරයන්වරයා පළා ගොස් දින 12ක් ගත වුවත් තවමත් ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැත.

Rate this item
(0 votes)
Last modified on Monday, 09 November 2020 11:36

Related items