June 23, 2024

බැසිල් රාජපක්ෂ වසර හතරක් තුළ ලෝක විප්ලවයක් කළා

November 06, 2020

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් තමන් කැමති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ පසුබිමත් සමග බිම් මට්ටමේ සිට දැවැන්ත පක්ෂයක් නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බවද ඔහු පවසයි.

එම පක්‍ෂය මගින් බැසිල් රාජපක්ෂ මහතා වසර හතරක් තුළ ලෝක විප්ලවයක් කළ බවත් පැවසූ ඔහු ඒ ගරුත්වය ඔහුට නිසි පරිදි ලබා නොදුනහොත් ගුණමකුවන් වන බවද කීය.

ගෝඨාභය මහින්ද බැසිල් සුසංයෝගයෙන් යුක්තව රට සෞභාග්‍යයේ දැක්ම කරා ගෙන යෑමට වත්මන් ආණ්ඩුවට හැකියාව ඇතැයි ද ඔහු කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ කුණ්ඩසාලේදී මාධ්‍යවේදීන් අමතමිනි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 November 2020 19:45