බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවා තිබෙන අවස්ථාවකදී කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ප්‍රබල දේශපාලඥයෙකුගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සය පැවැත්වූ බව වාර්තා වේ.
කෙසේ වුවත් නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාත තුළ කිසිදු විවාහ උත්සවයක්, සාදයක් හෝ පැවැත්වීම තහනම් බවට පසුගිය බදාදා රජය විසින් දැනුම් දෙනු ලැබීය.
කෙසේ වෙතත් මෙම විවාහ උත්සවය පොලිසිය මැදිහත්වී නතර කිරීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියි.
මෙම විවාහ මංගල උත්සවයට 35 දෙනෙකුගෙන් යුත් පිරිසක් සහභාගි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඇඳිරි නිතිය පනවා ඇති අවස්ථාවේදී විවාහ මංගල උත්සවයෙක් පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක්ද ආරම්භ කොට ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.