May 16, 2024

“කොරෝනා පාලනය කරන්න හදපු කාර්ය සාධක බලකාය මාස දෙකකින් රැස් වී නැහැ” - අනුරගෙන් චෝදනා

කොරෝනා වෛරසයේ දෙවන අදියර යම් විනාශකාරී තත්ත්වයක් දක්වා පරිවර්තනය වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පළමු අදියර සැලැකිය යුතු ප්‍රමාණයකින් පාලනය කර ගැනීමට සමත් වුණු බව පවසන මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ සඳහා සෞඛ්‍ය අංශ, හමුදාව සහ පොලීසිය, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, පොදුජනතාව සහ ආණ්ඩුව ගනු ලැබූ ඉතාමත් වැදගත් තීරණාත්මක තීන්දු තීරණ ගැන තමන්ට ඇගයීමක් පවතින බවයි.

නමුත් පළමු අදියර සාර්ථකව පාලනය කරගත්ත් ආණ්ඩුව දෙවන අදියරයක අවදානම පිළිබඳව සම්පුර්ණයෙන්ම අමතක කර කටයුතු කළ බවද අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ ආණ්ඩුව බලය වෙනුවෙන් මැතිවරණයන්ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්ද කෙරෙහි අවධානය යොමු කරනවා හැර දෙවන අදියරයක් නිර්මාණය වීම කෙරෙහි පුර්ව සුදානමකින් කටයුතු කළ නොකළ බවයි.

පළමු අදියරය පාලනය කිරීම සඳහා විශාල කාර්යභාරයක් සිදු කරන ලද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාව දෙවන අදියරයක් මතුවේවි යැයි සැකයක් තිබෙන අවස්ථාවේ එම තනතුරේ රඳවා ගත යුතුව තිබූ බවත් ඒ වෙනුවට වෙනත් තනතුරක් දී ඔහුව මාරු කළ බවද මන්ත්‍රීවරයා පැවසීය.

කොරෝනා මැඩ පැවැත්වීමේ කාර්යේ දී වැදගත්ම තනතුර වන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් ධූරය දීර්ඝ කාලයක් හිස්ව පැවැත් වූ බවද අනුර දිසානායක මහතා චෝදනා කළ අතර ඊයේ (27) දිනය වෙනතෙක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක් පත් නොකළ බවත්, තත්ත්වය උග්‍ර වූ පසුව එම තනතුරට පත් කළ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම කොරෝනා මැඩ පැවැත්වීම සඳහා පත් කර තිබූ කාර්ය සාධක බලකාය මාස 02ක කාලයක් තිස්සේ රැස්ව නොතිබුණු බවටද අනුර කුමාර දිසානායක මහතා පැවසීය. සාමාන්‍ය ආණ්ඩුවේ ක්‍රියාකාරකම්වල සිට ජනාධිපතිවරයාගේ ගමන් බිමන්වල සිට මුළුමනින්ම කොරෝනා වසංගතය අත්හැරපු එය අවසන් යැයි මිථ්‍යාවක් සමාජගත කරනු ලැබූ බවද මෙහෙතම වැඩි දුරටත් කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (28) ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)