May 06, 2024

කුලියාපිටියේ නීති විරෝධී දේව මෙහෙයට සහභාගී වූ 14කට කොරෝනා

සංචරණ සීමා පවා පනවා තිබියදී කුලියාපිටියේ එක්තරා ආගමික නිකායක පල්ලියක දේවමෙහෙයක් සඳහා සහභාගී වූ පිරිසකට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බව වාර්තා වේ.

දේවමෙහෙයක් සඳහා සහභාගී වූ පිරිසේ පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රතිඵල ඊයේ (19) පස්වරුවේ පැමිණ ඇත.

එහිදී එම දේව මෙහෙයට සහභාගී වූ පුද්ගලයින් 14 කට කොවිඩ් වෛරසය ආසාදිත වී ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

කුලියාපිටියේ දේව මෙහෙයට එක්වීම නිසා ස්වයං නිරෝධායනයට ලක්වූ පිරිසක් මෙසේ කොවිඩ් ආශ්‍රිතයන් බවට පත්වී තිබේ.

ඒ අනුව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බල ප්‍රදේශයේ මුලු කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් ඇත.

Rate this item
(0 votes)