May 21, 2024

නුවන් වෙඩිසිංහ මාරු කලේ රියාජ් බදියුදීන් නිදහස් කළ නිසයි - විමල් වීරවංශ හෙළි කරයි Featured

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නුවන් වෙඩිසිංහ මහතා එම තනතුරින් මාරු කරන ලද්දේ රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් එම දෙපාර්තමේන්තුව විසින් නිදහස් කිරීම නිසා බව විමල් වීරවංශ අමාත්‍යවරයා හෙළිදරව් කරයි.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවා ගැනීමේ නියෝග මත සිටි රියාජ් බදියුදීන් නිදහස් කිරීම සැක සහිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

රියාජ් බදියුදීන්ගේ නිදහස් කිරීම සම්බන්ධයෙන් තමා ජනාධිපතිවරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් ද විමසූ බවත් ඒ කිසිවෙකු ඒ සම්බන්ධයෙන් දැන නොසිටි බව ද තමාට දැනුම් දුන් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

රියාජ් බදියුදීන් නිදහස් කලේ කුමන හේතුවක් නිසාද යන්න සෙවීමට ජනපතිවරයාගේ නියෝගයෙන් සොයා බැලීමක් සිදු කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

Rate this item
(9 votes)
Last modified on Monday, 12 October 2020 15:39