June 23, 2024

20 නිසා බැසිල්ට එරෙහිව ආණ්ඩුව ඇතුළේ මත ගැටුමක් Featured

20වන සංශෝධනයට එරෙහිව අදහස් දක්වන ආණ්ඩුවේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් කණ්ඩායම් අතර ගැටුමක් මතුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අදහස් දක්වන පුද්ගලයින් එය බැසිල් රාජපක්ෂගේ වුවමනාවට ගෙන ආ එකක් බව සෘජුව සහ වක්‍රව ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම ගැටුම නිර්මාණය වී තිබේ.

එම සංශෝධනය පිළිබද කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළ අවස්ථාවේදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කිහිප වතවක් බැසිල් රාජපක්ෂ මහතාගේ නම සඳහන් කරමින් අදහස් දක්වා ඇතැයි වාර්තා වේ.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් අවශ්‍ය නම් ව්‍යවස්ථාව වෙනස් නොකර පුරවැසිභාවය ඉවත් කරගන්නා ලෙස වාසුදේස අමාත්‍යවරයා එම විරෝධය දක්වන ඇමැති පිරිස කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තවත් ඇමැති පිරිසක් කැබිනට් මණ්ඩලයේදී එම අදහස් වලට විරුද්ධව සිය මතය ප්‍රකාශ කර තිබේ.

ඊට අමතරව අමාත්‍ය විමල් වීරවංශ සහ විජයදාස රාජපක්ෂ වැනි තවත් පිරිසක් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව සිය විරෝධය වක්‍රව ප්‍රකාශ කර තිබේ.

20වන සංශෝධනයට එරෙහි වන ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන්ට බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් සමාජ මාධ්‍ය යොදා ගනිමින් අදහස් පල කරමින් විරෝධයක් ඇති කරමින් පවතී.

Rate this item
(2 votes)
Last modified on Monday, 12 October 2020 15:49