May 09, 2024

20 ට විරුද්ධව ඡන්දය දෙනවා නේද? සජිත් අසයි : රිෂාඩ් පිළිතුරු නොදී කර අරී

පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්දය දෙනවා නේද යැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එම කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතාගෙන් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දීම බදියුදීන් මහතා මග හරමින් සිටින බව සමගි ජනබලවේගයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට ටික දිනකට පෙර පාර්ලිමේන්තු ශාලාවක පැවති සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සජිත් ප්‍රේමදාස මහතා රිෂාඩ් බදියුදීන් මහතාගෙන් මෙම ප්‍රශ්නය අසා තිබේ.

එහෙත් ඊට සෘජු පිළිතුරක් දීම බදියුදීන් මහතා දිගින් දිගටම මඟ හරිමින් සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ආසන 4ක් හිමි වී තිබෙන අතර ඔවුන් 20 වෙනි සංශෝධනයට පක්ෂව ඡන්දය දෙනු ඇති බවටද මතයක් පවතී.

Rate this item
(0 votes)