May 08, 2024

බදියුදීන් ආණ්ඩුවට ආවොත් එලවනවා - විමල්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා ආණ්ඩුවට එක් කර ගැනීමට තරම් මෝඩයෙකු ආණ්ඩුවේ ඇතැයි තමන් නොසිතන බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

රාජ්‍ය උත්සවවලට ඕනෑම විපක්ෂ මන්ත්‍රී වරයෙකුට පැමිණීමේ අයිතිය ඇති බවත් එහිදී සිදුවන සාකච්ඡාවන් සාමාන්‍ය සිදුවීම් බවත් ඔහු පැවසීය.

වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති උත්සවයකට බදියුදීන් මන්ත‍්‍රීවරයා පැමිණ සිටීම ආණ්ඩුවට එක්වීමේ පෙරහුරුවක් ලෙස දැකීම නිවැරැදි නොවන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

‘අපි හදපු ආණ්ඩුවේ අපි ඉන්නවා.. එකතුවෙන්න ආවොත් එලවනවා’ යැයි ද ඇමැතිවරයා කියා සිටියේය.

උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

Rate this item
(1 Vote)