June 28, 2024

තවම ඡන්දය සෙමින්, ප්‍රතිපල ලද සැනින්

බස්නාහිර සහ දකුණ පළාත් සභා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම මධ්‍යස්ථාන 4253කදී අද (29) පෙරවරු 7ට ආරම්භවීමෙන් අනතුරුව මේවන විට සාමකාමීව ඡන්ද විමසීම පැවැත්වෙන බවත් ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව පැමිණීම තවමත් මන්දගාමීව සිදුවන බවත් ඒෂියන් මිරර් වාර්තාකරුවන් පවසති.

ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද(29)පස්වරු 4 දක්වා සිදු කෙරේ. මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු ආරක්ෂක විධිවිධාන මේ වනවිට තහවුරු කැර තිබෙන අතර ඡන්ද පොළ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 30,000ක් පමණ සේවයේ යොදවා ති‍බේ.

මීට අමතරව මැතිවරණ රාජකාරියෙහි යොදවා ති‍බෙන රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව 70,0000 පමණ වේ. බස්නාහිර සහ සහ දකුණු පළාත් සභා දෙක සඳහා නියෝජිතයන් 159දෙනකු තෝරා ගැනීමට නියමිත ය.

බස්නාහිර පළාතේ කෙළඹ සහ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් නියෝජිතයන් 101 දෙනකු සහ ප්‍රසාද මන්ත්‍රී ධුර දෙක සමඟ නියෝජිතයන් 104දෙනකු ද, දකුණු පළාතේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ප්‍රසාද මන්ත්‍රී ධුර ද ඇතුළුව නියෝජිතයන් 55දෙනකුද වශයෙන් මෙසේ තෝරා ගැනේ.

මෙම මන්ත්‍රී ධුර වෙනුවෙන් දේශපාලන පක්ෂ 24ක් සහ ස්වාධීන කණ්ඩායම් 42ක් නියෝජනය කරමින් අපේක්ෂකයෝ 3794 දෙනකු ඒ සඳහා තරග වදිති. මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා බස්නාහිර පළාතෙන් ඡන්ද දායකයෝ 4,024,614 දෙනෙක් ද, දකුණු පළාතෙන් 1,873,804 දෙනෙක් ද සුදුසුකම් ලබා සිටිති. 

වෙබ් අඩවි මාධ්‍ය තුලින් නවතම අත්දැකීමක් ලෙසින් මෙවර පලාත් සභා මැතිවරණ ප්‍රතිපල ලද සැනින් සජීවීව ඔබ වෙත ගෙන ඒමට ඒෂියන්මිරර් වෙබ් අඩවිය කටයුතු යොදා තිබේ. 

Rate this item
(0 votes)
Last modified on Saturday, 29 March 2014 11:43