June 28, 2024

හැදුණුම්පත් නිකුත් කිරීමේ ජංගම සේවාව සාර්ථකව ඉදිරියට 

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය එක්ව සංවිධානය කරනු ලබන ජාතික හැදුණුම්පත් නිකුත් කිරීමේ ජංගම සේවා වැඩසටහනේ 50 සහ 51 වන ජංගම සේවාවන් 28 සහ 29 යන දිනවල අම්පාරේ දී පැවැත්වේ.

අම්පාර දිස්ත්‍රික් ලේකම් මහතාගේ සංවිධානත්වයෙන් සිදු කරනු ලබන මෙම ජංගම සේවාවන් මාර්තු 28 වැනිදා අම්පාර නාවිදන්වේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත් වූ අතර මාර්තු 29 වැනිදා එරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙනු ඇත. 

අම්පාර,මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක මේ දක්වා පැවති ජංගම සේවා මගින් 12,000 කට වැඩි පිරිසකට ජාතික හැදුණුම්පත් සහ උප්පැන්න සහතික ඇතුඵ අනන්‍යතා සහතික නිකුත් කොට ඇත. 

පසුගිය සතිය පුරා අම්පාර දිස්ත්‍රික්කයේ පැවැත්වූ ජංගම සේවා මගින් 2500 කට වැඩි පිරිසකට මේ දක්වා පහසුකම් සලසා ඇත.

ඉදිරියේ දී පැවැත්වෙන ජාතික මැතිවරණයක දී හැදුණුම්පත් නොමැතිවීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් කිසිදු පුද්ගලයෙකුට අහිමි නොවන තත්ත්වයක් ඇති කිරීම ඉලක්ක කොට ගනිමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය මෙම වැඩසටහනකට දායකත්වය සපයන බව එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

Rate this item
(0 votes)