June 28, 2024

මැතිවරණයේ ආරක්ෂාවට 26000ක බළ ඇණියක්

බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 26000 ක් සේවය සඳහා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

මේවනවිට මැතිවරණය සම්බන්ධ පැමිණිළි 133 ක් ලැබී ඇති බවත් ඉන් ප්‍රචන්ඩ ක්‍රියා 71 ක් හා ඡන්ද නීති උල්ලංඝණය කිරීම් 62 ක් වාර්තා වූ බවත් හෙතෙම පෙන්වා දෙයි.

ඊට අදාලව 126 දෙනෙක් හා වාහන 43 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් වාහන තුනක් රජයේ වාහන වේ.

ඡන්දය පැවැත්වෙන 29 වැනි දා පුද්ගලයින් ඡන්දපොළ දක්වා ප්‍රවාහනය හා ඡන්දපොළ අසල රැ‍ඳෙමින් ඡන්දය ඉල්ලා ආයාචනය කිරීම තහනම් බවත් එවැනි පුද්ගලයින් හා එවැනි වාහන අත්අඩංගුවට ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසී ය. 

Rate this item
(0 votes)