June 28, 2024

ජිනීවාවලට එරෙහිව අනුරපුර ජනතාව එක්වෙයි 

ශ්‍රි ලංකාවට එරෙහි ජිනිවාහි ගෙන එන අසත්‍ය යෝජනාවන්ට විරෝධය දක්වමින් මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික පුජකවරුන් සහ ජනතාව අනුරාධපුර නගර මධ්‍යයේ දි 26 වැනිදා උද්ඝෝෂණයක නිරත වුහ.

 

උතුරු හා උතුරුමැද පළාත් දෙකේ ප්‍රධාන සංඝනායක ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමි, මිහින්තලේ රාජ මහා විහාරාධිපති වළවාහැංගුනවැවේ ධම්මරතන යන නාහිමිවරුන් ප්‍රමුඛ මහාසංඝරත්නය මෙන් ම 1,000 කට අධික ජනතාවක් ඒ සඳහා එක් ව සිටියහ.

තිස් වසරක යුද්ධය නිම කළ ජනාධිපතිවරයා රට තුළ විශාල සංවර්ධනයක් සිදු කරන බවත් ශ්‍රී ලංකාවේ සියළු ජනතාව නිදහස් සාමකාමී ව සතුටින් ජීවත්වන බවත් විරෝධතාකරුවන් ප්‍රකාශ කර සිටියේ ය. 

අමිල වනසිංහ

Rate this item
(0 votes)