June 28, 2024

මැතිවරණ පැමිණිළි දහස ඉක්මවයි

බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයට අදාළව සිදුවීම් 1008 ක් මේ වනවිට ලැබී ඇති බව කැෆේ සංවිධානය නිවේදනය කරයි.

මේ අතුරින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 960ක් ද, ප්‍රචණ්ඩ ක්‍රියා 48 ක්ද වාර්තා  වී තිබේ.

පළාත් මට්ටමින් ගත් කළ වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර වාර්තා එම සංඛ්‍යාව  583 කි.

මේ අතර දකුණින් සිදුවීම් 355 ක් වාර්තා වී ති‍බේ.

මෙවර දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම සිදුවීම් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 302 කි.

සමස්ථ සිදුවීම් සංඛ්‍යාව දහස ඉක්මවා යාම බරපතල තත්වයක් බව කැෆේ සංවිධානයේ අදහසයි.

පුර්ව නිරීක්ෂණවලදී කැෆේ සංවිධානය අවධානම් ප්‍රදේශ ලෙස හදුනාගත් ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ, මීගමුව සහ දිවුලිපිටිය  ප්‍රදේශවල මෙන්ම දකුණු පළාතේ ප්‍රදේශ ගණනාවක මැතිවරණ නීතිය ආරක්ෂා කිරීමට අදාළ පාර්ශව  නිසි පරිදි කටයුතු නොකිරීමේ තත්වයක් තුළ සිදුවීම් 1008 ක් වාර්තා වන බව කැෆේ සංවිධානයේ පවසයි.

 

Rate this item
(0 votes)