June 28, 2024

පාසල් සිසුන් මිණී වලවල් ගොඩ දමයි

වැලිමඩ, දික්කාපිටිය පොදු සුසාන භූමියේ ඊයේ රාත්‍රියේ දී ඊට දිනකට පෙර වල දමන ලද මිණියක් ගොඩ දමමින් සිටි පාසල් සිසුවෙක් වැලිමඩ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සිසුන් පිරිසකගේ සහභාගීත්වයෙන් එම මිණී වල ගොඩ දමමින් සිටිය දී ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකකරුවන් පළා ගොස් ඇත.

සැකකාර සිසුවා අද වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවට පත් සිසුවා 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වැලිමඩ පොලීසිය විසින් සිදු කරයි.

ප්‍රේමලාල් රත්නායක 

Rate this item
(1 Vote)