June 28, 2024

බොදු බල සේනාව ඇමතිට වෙඩි තබයි

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩ අත්තේ ඤානසාර හිමිගෙන් රුපියල් මිලියන 500 ක් වන්දි ඉල්ලා ඇමති රිෂාර්ඩ් බදුර්දීන් නඩු පවරන තෙක් බලා සිටින බව බොදු බල සේනා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

විල්පත්තු වනාන්තරය අශ්‍රිතව පසුගියදා පවත්වන ලද මාධ්‍ය නිවේදනය නිසා කලබල වී ඇති බවත් එම නඩුව ගොනු කිරීම තම සංවිධානය ලැබූ රත්රන් අවස්ථාවක් බව ඇමැතිවරයාටත් ඔහු මෙහෙයවන බලවේග වලටත් දැනුම් දීමට සූදානම් බවත් එම නිවේදනයේ සඳහන් වෙයි. 

පුජ්‍ය ඤාණසාර හිමි සටන් කලේ සිංහලයාගේ මෙන්ම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම අයිතිවාසිකම් මෙන්ම, රටේ අනාගත ආරක්ෂාව. සමාජ ඒකාබද්ධතාව හා පරිසර සුරැකීම මෙන්ම මහජන මුදල් භාවිතයේ විනිවිද භාවය වැනි කරුණු පිළිබඳ බවත් එමෙන්ම අවතැන් වුවන්ගේ අයිතිවාසිකම් පිලිබඳ මෙන්ම එම කටයුතු වල විනිවිද භාවය පිළිබඳ වද උන්වහන්සේ අදහස් කළ බවත් බොදු බල සේනා සංවිධානය පෙන්වාදෙයි.

ඒ අනුව එම හිමියන් සමඟ රටේ සාධාරණ සමාජයක් පතන ලක්ෂ සංඛ්‍යාත ජනතාව මෙම ඉල්ලන වන්දිය නිසි පරිදි  ගෙවීමට පෙරමුණට ඒමට සුදානම් බවද බොදු බල සේනා සංවිධානය අවධාරණය කරයි.

“උසාවි වලට අපහාස කරන උසාවි වලට ගල් ගස්සවන සංස්කෘතියක් නොමැති බොදු බල සේනාව යුක්ති ධර්මයට බිය ගුල්ලන් නොවේ. අපි ආගමේ නාමයෙන් හම්බකරන මිනිසුන්ට හිරිහැරකරන හෝ මිනිස් ඝාතන කරන කණ්ඩායමක්ද නොවේ. අපට  ඕනෑම අවස්ථාවක අපගේ හදවත ඉදිරියේ සාක්ෂි දිය හැකි නිසා අපට උසාවි බය කරන්න අවශ්‍යතාවයක් නොමැති අතර බොහෝ දෙනාගේ නිරුවත හෙළිකරන්න උසාවිය තෝතැන්නක් කර ගැනීමට අප ඉතා ආශාවෙන් බලා සිටින බවද ප්‍රකාශ කරමු.“ යැයි එම නිවේදනයේ සඳහන් වෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 26 March 2014 10:59