June 28, 2024

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවේ විවාදය අදයි

ශ්‍රී ලංකාවට එරෙහි ජීනිවාහි මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් ඉදිරිපත් කළ යෝජනාව අද (26) දිනයේදී විවාදයට ගැනීමට නියමිත බව ජිනීවා නුවර ඒෂියන් මිරර් වාර්තාකරු පැවසීය.

ඒ අනුව ජිනීවා වේලාවෙන් අද (26) පෙරවරු 9 සිට මධ්‍යහ්න 12 දක්වා එම යෝජනාව විවාදයට ගැනීමට නියමිත බවත් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් එහිදී කරුණු දැක්වීමක්ද සිදුකෙරෙනු ඇති බවත් අප වාර්තාකරු පවසයි.

විවිධ පාර්ශව එහිදී අදාළ යෝජනාව සමබන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ කරුණු ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වෙයි. 

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ ඇතුළු පිරිසක් සහභාගිවී සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 

ශී‍්‍ර ලංකාවට එරෙහිව අමෙරිකා යෝජනාව මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට හෙට (27) ඉදිරිපත් කරනු ඇති බවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්ව ඇති යෝජනාවලිය පිළිබඳ විවාදයෙන් අනතුරුව ජන්ද විමසීම ලබන 28 වැනිදා සිදුකිරීමට නියමිත බවත් වාර්තා වෙයි. 

අමෙරිකා යෝජනාවේ නවතම කෙටුම්පතට අනුව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වසරක කාලරාමුවක් යෝජනා කර ඇති අතර ඇමෙරිකාව සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් 05 ක් විසින් අදාළ සංශෝධිත යෝජනා කෙටුම්පත ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇත.

 

Rate this item
(0 votes)