June 28, 2024

නදීෂා හේමමාලි රෝහල් ගත කරයි

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක නදීෂා හේමමාලි මහත්මිය අද(25) පස්වරුවේ පැවති ඡන්ද රැස්වීමකදී හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

ඇය ඡන්ද රැස්වීමේදී ක්ලාන්ත වී ඇද වැටී ඇති බවත් ඉන් පසු වහාම මාතර මහ රෝහලට ඇතුළත් කර පසුව පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත් බව වාර්තා වෙයි.

රෝහල් ගත කිරීමෙන් පසු වෛද්‍යවරුන් පවසා ඇත්තේ මෙම රෝගී තත්ත්වයට හේතුවී ඇත්තේ මේ දිනවල මැතිවරණය වෙනුවෙන් වෙහෙස වී වැඩ කිරීම හා හරියාකාරව නින්දක් නොලැබීම බවයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 26 March 2014 00:25