June 24, 2024

අනුරපුර ගුවන් ප්‍රහාරයේ වැඩකරු යළිත් ලංකාවේ

යුද්ධය අවසන් කාලයේදි ඉන්දියාවට පළාගිය එල්.ටී.ටී.ඊ.යේ රාධා බලකායේ ප‍්‍රධානියෙක් ලෙස කටයුතුකර ඇති තේවින් නැමැති කොටි ගුවන් නියමුවා මේ වනවිට මෙරටට පැමිණ උතුරු නැගෙනහිර ආශ්‍රීතව සැරිසරන බවට බුද්ධි අංශවෙත තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් මූලස්ථානය මහජන තොරතුරුද අපේක්‍ෂා කරයි. ඔහු පිළිබඳව යම් තොරතුරක් වෙතොත් 011- 2451636 දුරකථන අංකයට හෝ 011-2321838 ෆැක්ස් අංකයට දැනුම්දෙන ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලීමක් කරයි. 

සාර්ථක තොරතුරකට රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක්ද ලබා දීමට නියමිත බවත් තොරතුරු ලබා දෙන පුද්ගලයාගේ රහස්‍ය භාවය ආරක්‍ෂාකරන බවත් පොලිස් මූලස්ථානය පවසයි.

යුද්ධය අවසන් සමයේ එල්.ටී.ටී.ඊ.යේ නායකයෙක් වන විනයගම් සමග තේවියන් ඇතුළු කණ්ඩායමක් මන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවට පලාගොස් තේවියන් ඉන්දියාවේ නතර වී ඇති බවත් විනයාගම් ප‍්‍රංශයට ගොස් ඇති බවත් බුද්ධී අංශ තොරතුරුවල දැක්වේ. 

අනුරාධපුර ගුවන්හමුදා කදවුරට එල්.ටී.ටී.ඊය විසින් පහරදෙන විට ගුවනින් පැමිණ ඊට සහය දක්වා ඇත්තේද තේවියන් බව බුද්ධි අංශ සදහන් කරයි. 

මෙම ත‍්‍රස්තවාදියා මෙරටට නැවත පැමිණීම මේ වනවිට ආරක්‍ෂක අංශවල දැඩි සැකයකට තුඩුදී ඇත.

Rate this item
(0 votes)
Last modified on Monday, 24 March 2014 20:34