June 25, 2024

මියගිය පොලිස් නිලධාරියාගේ බඩුවලට පොලීසිය විදී !

බොරැල්ල පොලිස් ස්ථානාධිපති කාර්යාලයේ ඇති කාර්යාල උපකරණ සහ වායුසමීකරණ යන්ත‍්‍රය විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විසින් රැගෙන යාමට කළ උත්සාහයක් උසස් පොලිස් නිළධාරීන්ගේ මැදිහත්වීමෙන් ව්‍යර්ථ වී තිබේ. 

බොරැල්ල පොලිසියේ නිළධාරීන්ගේ සහ කොළඹ දකුණ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පේ‍්‍රමලාල් රණගල මහතාගේ විරෝධතා හමුවේ අසාර්ථක වී ඇත.

බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඥාතියෙක් වන එම විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා එම පුටු, මේස සහ වායුසමීකරණ යන්ත‍්‍රය රැගෙන යාමට උත්සහ දරා ඇත්තේ ඒවා ප‍්‍රසාද් සිරිවර්ධන මහතාගේ පෞද්ගලික දේපල බවට සඳහන් කරමිනි.

බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රසාද් සිරිවර්ධන මහතාට අයත් දේපල සම්බන්ධයෙන්ද එම විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ වනවිට තොරතුරු සොයමින් එම දේපල වලටද ඇස ගසන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

Rate this item
(1 Vote)