June 25, 2024

ගම්මන්පිලට මන්ත්‍රී ධුරයේ කටයුතු කළ නොහැකියි -විජේදාස රාජපක්ෂ 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික කණ්ඩායම් නායක උදය ගම්මන්පිල මහතා ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු බැවින් ඔහු ජයග්‍රහණය කළත් මන්ත්‍රී ධුරයේ කටයුතු කළ නොහැකි බව ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

හෙතෙම මේ බව පැවසුවේ පසුගිය දා අතුරුගිරියේ පැවති ජනහමුවකට සහභාගි වෙමිනි.

එමෙන්ම මැතිවරණ ව්‍යාපාරය පුරාම ගම්මන්පිල මහතා විසින් මැතිවරණ නීති කඩ කර ඇති බවට ද ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

කෙසේ වෙතත් මෙම චෝදනා දෙකටම පිළිතුරු ලබාදීම සඳහා උදය ගම්මන්පිල මහතා විසින් 24 වැනිදා පස්වරු 2.30 ට  මහවැළි කේන්ද්‍රයේදී  මාධ්‍ය හමුවක් කැඳවීමට නියමිත බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 24 March 2014 11:41