June 25, 2024

වෙද සිසුවිය නුවර වැවට පනී 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුවියක් ඊයේ රාත්‍රියේ මහනුවර වැවට පැන සියදිවි නසා ගැනීමට උත්සාහ කළ බව මහනුවර පොලීසිය සඳහන් කරයි.

පොලිස් හසිදි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව එම සිසුවිය ගොඩට ගෙන ඇති අතර ඇය මේවනවිට මහනුවර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබයි.

එම සිසුවිය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි බවත් ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මහනුවර පොලීසිය සිදු කරන බවත් වාර්තා වේ.

ප්‍රේමලාල් රත්නායක 

Rate this item
(1 Vote)