May 18, 2024

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට යළි රතු එළියක්

September 14, 2016

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීන්දු අභියෝගයකට ලක්කරමින් කටයුතු කළ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතුයැයි එළැඹෙන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී යෝජනාවක් සම්මතකර ගැනීමට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර ඇත.

ඉදිරි සතිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පැවැත්වෙනු ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

පසුගිය මැයි පෙළපාළියට සහභාගි නොවුණු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සම්මේලනයට සහභාගි නොවුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව මෙහිදී විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙහිදී යෝජනා කෙරෙනු ඇති බවද එම ආරංචි මර්ග පැවැසීය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 September 2016 07:45