June 28, 2024

කන්දකැටිය උප සභාපති පොලිස් කූඩුවට 

පවුල් ආරවුලක් මත සිය නිවසට ගිණි තැබීමට සැකපිට කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ධර්මපාල වීරසිංහ මහතා ඊයේ අත්අඩංගුවට ගත් බව කන්දෙකැටිය පොලීසිය සඳහන් කරයි.

සැකකරුගේ බිරිඳ කළ පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශණයකින් අනතුරු ව එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

නිවස සහ දේපොලවලට හානි කර සිදු කර ඇති බවට ඇය පැමිණිලි කර ඇති අතර ඒ සම්බධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ කන්දෙකැටිය පොලීසිය විසින් සිදු කරයි.

ප්‍රේමලාල් රත්නායක 

Rate this item
(1 Vote)