1990 - 2009 කාල පරිච්ඡේදය තුළ උතුරු හා නැගෙනහිර පළාත්වලින් අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ පැමිණිලි විභාග කිරීමේ ජනාධිපති කොමිසම අද(20) මඩකලපු දිස්ත්‍රික්කයේ දි සිය මහජන සාක්ෂි විමසීම ඇරඹා තිබේ.
කොමිසම විසින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පවත්වනු ලබන ප්‍රථම සාක්ෂි කැඳවීම මෙය වන අතර ග්‍රාම නිලධාරී කොට්ඨාශ 56 ක් අවරණය කරමින් 2014 මාර්තු 20 සිට 22 දක්වා චෙන්කලඩි, වාකරෙහි හා මඩකලපු නගර වලදී මහජන සාක්ෂි විමසීම සිදු කෙරෙනු ඇත.
කොමිසමේ මුල්ම සාක්ෂි විමසීම 2014 ජනවාරි 18 - 21 දක්වා උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පැවැත්වුණු අතර එහිදී පුද්ගලයන් 440 දෙනෙකු සාක්ෂි ඉදිරිපත් කළහ. 2014 පෙබරවාරි 14 -17 දක්වා යාපනය දිස්ත්‍රිකන්කයේ පැවැති සාක්ෂි විමසීමට පුද්ගලයන් 984 ක් සහභාගී වුහ.
මෙම කොමිසමේ සභාපති මැක්වෙල් පරාක්‍රම පරණගම, ප්‍රියන්ති සුරංගනා විද්‍යාරත්න සහ මනෝ රාමනාදන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවට පුද්ගල අතුරුදහන් වීම් පිළිබඳ පැමිණිලි විමර්ශනයට සහ අවශ්‍ය පරීක්ෂණ පැවැත්වීමට බලය ලබා දී ඇති අතර කොමිසම විසින් සිය සාක්ෂි කැඳවීම් පිළිබඳ වාර්තාවක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කොමිසමේ ධුර කාලය 2014 අගෝස්තු දක්වා මාස 06 කින් දීර්ඝ කෙරුණි.