May 19, 2024

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2014 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (30) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රතිඵල දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියවන www.doenets.lk සහ results.exams.gov.lk වෙබ් අඩවි මගින් ලබාගත හැකි ය.

නැවත සමීක්ෂණය සඳහා අයදුම් කළ පාසල් අපේක්ෂකයින්ගේ ප්‍රතිඵල අදාළ පාසල් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට ද තැපැල් කර එවීමට කටයුතු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය නම් පහත සඳහන් දුරකථන අංකවලට ඇමතීමෙන් දැනගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

පාසල් විභාග සංවිධාන ශාඛාව - 011 278 4208/ 011 278 4537/ 011 318 8350 / 011 314 0314

ක්ෂණික ඇමතුම් - 1911

 

Rate this item
(0 votes)