May 19, 2024

යටිනුවර ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට 

විකෘති කරන ලද බව කියන ජාතික කොඩියක් ප්‍රදර්ශනය කළැයි චෝදනා එල්ලවූ යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති, මහනුවර දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක තුසිත කුමාර මහතා කඩුගන්නාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගියදා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ මැතිවරණ වේදිකාවක මෙවැනි සිංහ රුව සහිත කොඩි ඔසවා තිබූ බව වාර්තා විය.

ඒ අනුව එම සිද්ධිය ගැන පරීක්ෂණයක් පැවැත්වූ කඩුගන්නාව පොලීසිය සැකපිට සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)