May 19, 2024

(UPDATE) පොලිස් යතුරුපැදි දෙක සොයා ගනී

සීදුව පොලීසියේ නිලධාරීන්ට පහර දී රැගෙන ගිය යතුරුපැදි 02 මිනුවන්ගොඩ ප්‍රදේශයේ තිබි සොයා ගෙන තිබේ.

එම යතුරු පැදි 02 මිනුවන්ගොඩ ප්‍රදේශයේ ස්ථාන 02 ක අතහැර දමා ගොස් තිබිය දී මීට සුළු මෙහොතකට පෙර සොයා ගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.

ඊයේ (29) සීදුව කලපුව මාර්ගය අසල නවතා තිබූ සැක සහිත සුඛෝපභෝගී මෝටර් රථයක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකුට එම රථය අසල සිටි පිරිසක් පහර දී පොලිස් යතුරුපැදි 02ක් පැහැරගෙන ගොස් තිබිණි.

කළුතර - බිමල් ජයසිංහ 

සබැදි ලිපි - 

පොලීසියට පහරදී පොලිස් යතුරුපැදිවලින්ම සැකකරුවන් පලායයි (VIDEO)

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 July 2015 13:35