May 19, 2024

ජාතික රූපවාහිනියේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා රූපවාහිණි සංස්‌ථාවේ සභාපති සෝමරත්න දිසානායක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ මහතා මෙම තීරණය ගෙන ඇත්තේ පෞද්ගලික හා පවතින දේශපාලනයේ ඇතැම් කාරණා මත බව වාර්තාවේ.

කෙසේ වෙතත් සිය අස්වීම පිළිබඳ අද(30) පස්වරුවේ ප්‍රකාශයක් සිදු කරන බව සෝමරත්න දිසානායක මහතා සඳහන් කර ඇත. 

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව සෝමරත්න දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ලෙස පත් කෙරිණි.

Rate this item
(0 votes)