May 19, 2024

වීරවංසය ලියන්නට ගිය තිදෙනෙකු පොලිස් කූඩුවේ

පිළියන්දල රෝහල මන්සංධියේ ඊයේ (29) රාත්‍රියේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් වීරවංශ මහතාගේ පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

අගෝස්තු මස 02 වැනි දා කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේ දී 'ජාතියේ වීරවංසය ලියන්නට' නමින් වැඩසටහනක් පැවැත්වෙන බවට විමල් වීරවංශ මහතාගේ ඡායාරූපය ද සහිත ව මෙම පෝස්ටර් නිර්මාණය කර තිබේ.

අදාල පොස්ටර් මුද්‍රණය කළ මුද්‍රණාලයක නමක් හෝ ලියාපදිංචි අංකයක් එහි නොමැති බව පොලීසිය පවසයි. 

පිළියන්දල දම්පේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු පොස්ටර් 15 ක් සමගින් අත්අඩංගුවට පත් ව ඇති අතර ඔවුන් අද (30) කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

කළුතර - බිමල් ජයසිංහ

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 July 2015 11:45