May 19, 2024

ජනමාධ්‍ය නි.ඇමති ඉල්ලා අස්වෙයි

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

මෙවර මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෙකු ලෙස තරගවදින බණ්ඩාර මහතා තම නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව පසුගිය සතියේ ප්‍රකාශයට පත් කර ද තිබුණි.

පසුගිය දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විශේෂ ප්‍රකාශයෙන් පසුව රජයේ අමාත්‍යධූර දරන සන්ධානයේ නියෝජිතයන් කිහිපදෙනෙකුම තම ධූරයන්ගෙන් ඉවත් වන බවට ප්‍රකාශයට පත් කළ අතර ශාන්ත බණ්ඩාර මහතා ද ඒ අය අතර විය.

බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණෙහි සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 July 2015 10:01