May 19, 2024

'රාජපක්ෂලා ශ්‍රී ලංකන් සමාගමට කෝටි 12ක පොල්ලක් තිබ්බා' - නලීන් (VIDEO)

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පසුගිය රජය විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අය විය යුතු රුපියල් කෝටි 12ක මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය.

බණ්ඩාර මහතා මේ අදහස් පළ කළේ "හෙළිදරව්ව" නමින් ඊයේ පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

එමෙන්ම නාමල් රාජපක්ෂ මහතා පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා පිළිබඳව සාකච්ඡා කිරීමට යැයි කියමින් අත්තනෝමතික ලෙස ගුවන්යානා පරිභෝජනය කළ බවට ද චෝදනා නැගූ බණ්ඩාර මහතා, එම යානාව වෙනුවෙන් අය විය යුතු මුදල් මේ වන තෙක් ගෙවා නොමැති බව ද අවධාරණය කළේ ය.

තවත් ගුවන් ගමන් රැසක් පිළිබඳ චෝදනා නැගූ ඒ මහතා විමල් වීරවංශ මහතාට ද චෝදනා කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ටිකට් සම්බන්ධයෙනි.

මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කිරීමේ චෝදනාව මත තමාගෙන් කෝටි 200ක් ඉල්ලා නඩු දමන බවට තර්ජනය කළත් තමන් හට තවමත් එන්තරවාසි නොලැබුණු බවත්, එන්තරවාසිය එනතෙක් බලා සිටින බවත් නලීන් බණ්ඩාර මහතා අවසාන වශයෙන් ප්‍රකාශ කළේ ය.

වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 30 July 2015 01:56