May 19, 2024

මහරගම කොඩිකාර යුවලට ඇප

මහරගම නව සතිපොල බලහත්කාරයෙන් විවෘත කළ බවට චෝදනා එල්ලවූ මහරගම නගර සභාවේ හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය සහ ඇයගේ සැමියා වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා ඇප මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඊයේ (29) නියෝග කළේය.

සැකකරුවන් රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 

පසුගිය ජුනි මස 27 වනදා අදාළ පොළ බලහත්කාරයෙන් විවෘත කළ බවට මහරගම නගර සභාවේ ලේකම්වරිය විසින් පොලිසියට පැමිණිලි කර තිබිණි. 

Rate this item
(0 votes)