May 19, 2024

නීති විරෝධි බහාලුම් 3ක් විවෘත කරයි - ඇමති රවීගේ හදිසි වැටලීම මෙන්න (PHOTOS)

නීති විරෝධීව මෙරටට ආනයනය කළ බහාලුම් තුනක් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සහ රේගු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඊයේ (29) ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී විවෘත කෙරිණි.

ඉන් බහාලුම් දෙකක් ආනයනය කර තිබුණේ ඉන්දියාවෙන් බවත් එම බහාලුම් දෙක තුළ විදේශීය මත්පැන් බෝතල් 15,465ක් තිබී සොයා ගත් බවත් මුදල් අමාත්‍යංශය පවසයි. ඒවායේ වෙළෙඳපොළ වටිනාක ම රුපියල් කෝටි දෙකකට අධික බවත් ඉන් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් කෝටි පහකට ආසන්න බවත් ශ්‍රී ලංකා රේගුව පැවසීය. 

විවෘත කෙරුණු අනෙක් බහාලුම ඩුබායි සිට ආනයනය කර ඇති අතර එහි විදේශීය මත්පැන්වලට අමතරව දුම්වැටි තොගයක්ද තිබී සොයා ගෙන ඇත. ඒවායේ වටිනාක ම රුපියල් ලක්ෂ 40ක් පමණ වන රේගුව සඳහන් කළේය. ඉන් අහිමී ඇති බදු ආදායම රුපියල් එක්කෝටි ලක්ෂ 37කට අධික වේ. 

අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහි දී රේගු නිලධාරීන් ස්තුතිය පළ කළ අතර මෙවැනි වැටලීම් ඉදිරියටත් සිදු කරන බව පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 July 2015 16:26