May 19, 2024

උසාවි නියෝග නොතකා සරසවි සිසුන් කොළඹට (VIDEO)

ශිෂ්‍යන්ගේ පාඨමාලා ගාස්තු අඩු කරන ලෙස ඉල්ලමින් නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් ආරම්භ කළ විරෝධතා පා ගමන කොළඹ වෝර්ඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ආසන්නයට ළඟාවිය. 

එහිදී ශිෂ්‍ය නියෝජිතයින් 10 දෙනෙකුට ප්‍රතිපාදන කොමිසමේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අවසර ලබාදී ඇත.

නුගේගොඩ සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙම විරෝධතා පා ගමන වළක්වාලමින් නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද (29) දහවල් වාරණ නියෝගයක්ද නිකුත් කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)