May 19, 2024

පුද්ගල ඝාතනයට එකම පවුලේ 4කට හා අසල්වැසි පවුලේ 2කට මරණ දඬුවම 

2001 වසරේදී ඇතිවූ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් මාතර, ගන්දර ප්‍රදේශයේ සිව්දරු පි‍යෙකු ඝාතනය කළ 6දෙනෙකුට මාතර මහාධිකරණ විනිසුරු දමිත තොටවත්ත මහතා අද (29) මරණ දඬුවම නියම කළේය.

ඒ අනුව එකම පවුලක මව, පියා හා පුතුන් දෙදෙනෙකුටත් අසල්වැසි පවුලක පියෙකුට හා පුතෙකුටත් මෙසේ මරණ දඬුවම නියම විය.  

2001 වසරේ මැයි මස 17 වැනි දින මාතර, ගංදරදී 55 හැවැරිදි සිව්දරු පියෙකුට පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහාධිකරණය මෙම දඬුවම් නියම කර තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 July 2015 18:05