May 19, 2024

සිවගීතා ප්‍රභාකරන් සන්ධානයට (PHOTOS)

සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික් සංවිධායිකා ලෙස කටයුතු කළ මඩකලපුව මහ නගර සභාවේ හිටපු නගරාධිපතිනී සිවගීතා ප්‍රභාකරන් මහත්මිය ඊයේ (28) එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක් විය.

මඩකලපුව දිස්ත්‍රික් එජනිස ප්‍රධාන අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාහ් මහතා හමු වී ප්‍රභාකරන් මහත්මිය සන්ධානයේ සාමාජිකත්වය ලබා ගත් අතර ඇය සමග මඩකලපුව මහ නගර සභාවේ නියෝජිතයින් පස් දෙනෙකු ද සන්ධානය හා එක් වීම සිදුවිය.

හිස්බුල්ලා මහතා ඇතුළු සන්ධානයේ ජය තහවුරු කිරීම සඳහා ඇයත් නගර සභා නියෝජිතයින් පස්දෙනාත් ක්‍රියා කරන බව ප්‍රභාකරන් මහත්මිය මෙහි දී පැවසුවා ය.

 

මඩකලපුව - ජවුෆර්කාන්

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 July 2015 12:10