May 19, 2024

'එක එක අයට හිතෙන විදිහට පක්ෂෙන් අයින් කරන්න බෑ' - ඇමති MKDS

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් තමන් ඉවත් කිරීම පිළිබඳ කිසිදු දැනුම්දීමක් සිදු කර නැතැයි ඉඩම් අමාත්‍ය MKDS ගුණවර්ධන මහතා පැවසුවේ ය.

ගුණවර්ධන මහතාගෙන් ඒෂියන් මිරර් සිදුකළ විමසීමක දී ඔහු මේ බව කියා සිටියේ ය.

පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව මේ ආකාරයෙන් එක් එක් අයට හිතෙන හිතෙන ආකාරයෙන් සාමාජිකත්ව අහෝසි කිරීම සිදු කළ නොහැකි බවත්, "මේවා විහිළු වැඩ" බවත් පැවසූ ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවැන්නක් සිදු කිරීමේ දී චෝදනා පත්‍රයක් යොමු කර එය විභාග කර නිවැරදි ආකාරයෙන් තීන්දු තීරණ ගත යුතු බව යි.

සම්පූර්ණ හඬපටය පහතින් ශ්‍රවණය කරන්න.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 July 2015 10:35