May 19, 2024

ගමන් මල්ලක මළ සිරුරක් 

කොළඹ කොටුව බැස්ටියන් මාවතේ අනුරාධපුර - කොළඹ පෞද්ගලික බස් නවත්වන ස්ථානය අසල ගමන් මල්ලක තිබී මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය විසින් අද (29) සොයාගත් මෙම මෘත ශරීරය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මේ වනතෙක් අනාවරණය වී නොමැත.

එම ස්ථානය වෙත මහේස්ත්‍රාත්වරයා පැමිණීමට නියමිත බව ඒෂියන් මිරර් කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 July 2015 11:23