May 19, 2024

ශ්‍රීලනිප රැස්වීම් සඳහා වූ අතුරු තහනම් නියෝගය තව දුරටත් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පූර්ව අනුමැතියකින් තොරව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම් පැවැත්වීම අත්හිටුවමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය අගෝස්තු 07 වන දින දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය මීට සුළු මොහොතකට පෙර තීරණය කර ඇත.

ජුලි 14 වන දින ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට මධ්‍යම කාරක සභිකයකු වන ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා විසින් තශ්‍යා වේරගොඩ සහ ලංකා ධර්මසිරි යන නීතිඥවරුන් මාර්ගයෙන් දිසා අධිකරණයට ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ දිසා විනිසුරුවරයා ජුලි 15වන දින මේ වාරණ නියෝගය නිකුත් කර තිබිණි.

Rate this item
(0 votes)