May 19, 2024

අතුරුදන් වූවන් පිළිබඳ මීළඟ සාක්ෂි විමසීම අගෝස්තු මාසයේ

අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමේ මීළඟ සාක්ෂි විමසීම අගෝස්තු මස අවසන් සතියේ සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

ලිඛිතව ලැබුණු පැමිණිලිවලට අදාළව වාචික සාක්ෂි සටහන් කර ගැනීම එහි දී සිදු කරයි. මඩකළපුව දිස්ත්‍රික්කය තුළ සාක්ෂි සටහන් කරගැනීම සිදු කෙරෙන තුන්වැනි අවස්ථාව මෙය වේ.

මේ දක්වා සාක්ෂි සටහන් කර ගැනීමේ අදියර 2700 ක් දිස්ත්‍රික් 07ක් ආවරණයවන පරිදි සිදු කර තිබේ. ඒ මන්නාරම, මුලතිව්, යාපනය, අම්පාර, කිලිනොච්චිය ඇතුළු දිස්ත්‍රික්ක ආවරණයවන ලෙස ය.

අතරුදන්වූවන්ගේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණිලි 22,000 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති අතර ඉන් පැමිණිලි 5,600 ක් ම ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ පවුල්වල පුද්ගලයින්ගෙන් බව අතුරුදන් වූවන් පිළිබඳ ජනාධිපති කොමිසම සඳහන් කරයි.

Rate this item
(0 votes)