May 19, 2024

ළමුන්ට දුම්වැටි විකිණූ 30කට නඩු

මඩකලපුව දිස්ත්‍රික්කයේ සිදු කල වැටලීමක දී ළමුන්ට දුම්වැටි විකිණූ වෙළෙඳුන් 30 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව මඩකලපුව දිස්ත්‍රික් සුරා බදු දෙපාර්තමේන්තු නිළධාරි එස්. තංගරාජා මහතා පැවසුවේ ය.

කල්ලඩියේ පැවැත්වූ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවේ වැඩිම මත්ද්‍රව්‍ය භාවිතාවක් සිදුකරන දිස්ත්‍රික්කය බවට මඩකලපුව දිස්ත්‍රික්කය පත් වී ඇති අතර එය ද සැළකිල්ලට ගනිමින් මෙම මාසයේ දී බහුල ලෙස වැටලීම් කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති බව ද ඒ මහතා පැවසුවේ ය.

මඩකලපුව, කාත්තාන්කුඩි, මන්ජන්තොඩුවායි ප්‍රදේශවල සිදු කළ වැටලීම්වල දී ළමුන්ට සිගරට් විකුණූ වෙළෙඳුන්ට එරෙහිව ඊයේ මඩකලපුව උසාවියේ නඩු පැවරූ බවත් එක් අයෙකුට රුපියල් 4000ක දඩ මුදලක් නියම කළ බවත් තංගරාජා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

දිස්ත්‍රික් සුරා බදු දෙපාර්තමේන්තු අධිකාරි එන්. සෝදිනාදන්ගේ මග පෙන්වීමෙන් මෙම වැටලීම සිදු කර ඇත.

මඩකලපුව - ජවුෆර්ඛාන්

 

Rate this item
(0 votes)