May 19, 2024

‘එදාට ඔබතුමාලගේ සතුරෝ වෙනවා‘ - සෝභිත හිමි රනිල්ට කියයි (VIDEO)

මෙවර මෙම සංවිධාන එක්සත් ජාතික පෙරමුණට බලය ලබා දී පස්සෙන් නොඑන බවත් උකුස්සෝ වගේ බලාගෙන සිටින බවත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි පැවසූහ. 

සිවිල් සංවිධාන, වෘත්තිය සමිති සහ දේශපාලන පක්ෂ එකමුතුවක් ඊයේ (28) එක්සත් ජාතික පෙරමුණ සමග ගිවිසුමකට එළැඹිණ.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු සංවිධාන 108 ක් මෙම ගිවිසුමට එළැඹ තිබේ.

එහිදී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි මෙසේද සඳහන් කළහ.

“මේ පාර ඔබතුමාලට බලයදීලා අපි පස්සෙන් එන්නේ නෑ. අපි උකුස්සෝ වගේ බලාගෙන ඉන්නවා කොහෙද යන්නේ කියලා. අන්න එදාට ඔබතුමාලගේ සතුරෝ වෙනවා. අපි ජනවාරි 8 වැනිදා ආරම්භ කළ ගමන ආරම්භ කළා විතරයි තව යන්න හුගක් දුර තියෙනවා. නැවත හැරෙන්න බෑ ස්ථාවර ආණ්ඩුවක් යටතේ නව ව්‍යවස්ථාවක් ඕන.“

 

Rate this item
(2 votes)
Last modified on Thursday, 30 July 2015 00:55