May 19, 2024

අවුකන පිළිමයේ බැඳි බඹර වදය ඉවත් කිරීම අද

කාලයක සිට අනුරාධපුර අවුකන බුදු පිළිමයේ අතක බැඳ ඇති බඹර වදයක් ඉවත් කිරීම අද (29) සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

අද පෙරවරු 9 ට මහනුවර සත්ත්ව විශේෂඥයින් පිරිසක් විසින් මෙය සිදු කෙරෙන බව යි පැවසෙන්නේ.

අවස්ථා කිහිපයකදීම මෙම බඹර වද ඉවත් කිරීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වී ඇති අතර ප්‍රභූවරයකු අවුකන ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිත බැවින් මේවා ඉවත් කරන බවට සැකයක් ඇති බව ගම්වැසියෝ ප්‍රකාශ කරන බව සඳහන් වේ.

Rate this item
(0 votes)