May 19, 2024

'ඒකට කණගාටු වෙන්නේ නැහැ' - අර්ජුන කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න එක ගැන කණගාටු විය යුතු බවත් ශ්‍රීලංනිප හොරුන් එක්ක සිටීමට වඩා පක්ෂයෙන් ඉවත්ව යාමට සිදු වීම හොඳ බවත් එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ අද (28) පස්වරුවේ මහර ගොංගිතොටහි පැවැති ජනහමුවකට එක් වෙමිනි.

කුමක් වුවත් බණ්ඩාරනායක ප්‍රතිපත්තිය තමන්ගෙන් ඉවත් කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය.   

“දුරකථන පණිවිඩයකින් දැන ගත්තා මාවත් ශ්‍රී ලංකා නිහස් පක්ෂයෙන් ඉවත් කරයි කියලා. මම ඒකට කණගාටු වෙන්නේ නැහැ. මොකද අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න එක ගැන කණගාටු වෙන්න ඕන. අද සුසිල් ප්‍රේම්ජයන්තලාට ඒවගේම අනුර ප්‍රියදර්ශනයාපලාට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලැයිස්තුව අත්සන් කරන්න පුළුවන් නම්, මේ කුඩුකාරයින්ගේ නම්, කැසිනෝකාරයින්ගේ නම්, ස්ත්‍රී දූෂකයින්ගේ නම්, මිනීමරපු අයගේ නම්, ඒ විතරක් නෙමෙයි එතනෝල්කාරයින්ගේ නම්, හිරගෙදරට ගිහිල්ලා හිරගෙදර මිනී මරන අයගේ නම් අත්සන් කරන්න පුළුවන් නම්, ඒ අත්සන එක්කම මගේ නම මේ පක්ෂයෙන් ඉවත් කළා කියලා මම කණගාටු වෙන්නේ නැහැ. මොකද මේකේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති නැහැ. මේකේ තියෙන්නෙ දූෂණ ප්‍රතිපත්ති” යැයිද අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(1 Vote)