May 19, 2024

නව පාර්ලිමේන්තුවේ ප්‍රමුඛත්වය විගණන පනතට - ජනපති

දූෂණය සහ අක්‍රමිකතාවය තුරන් කිරීමට ගණකාධිකරණ වෘත්තියට වැදගත් මෙහෙයක් ඉටු කළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රටේ හොඳ මූල්‍ය විනයක් සහ මූල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යාමට නම් ගණකාධිකාරිවරුන් සිය වගකීම් නිසි ලෙස ඉටු කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ඔහු මේ බව සඳහන් කළේ පසුගිය දා ගෝලීය කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.

පසුගිය රජය යටතේ අමාත්‍යාංශ ලේකම්වරු ලෙස සුදුසුකම් ඇති පුද්ගලයින් සේම ව්‍යාපාරිකයින් ද පත් කිරීම තුළ ටෙන්ඩර් පටිපාටිය වැනි ක්‍රියාදාම තුළ රාජ්‍ය අංශයේ මූල්‍ය විනය පිරිහී ගිය බව ද හෙතෙම සඳහන් කළේ ය.

කෙසේ වුව ද රාජ්‍ය අංශය තුළ හොඳ මූල්‍ය විනයක් සහ මූල්‍ය කළමනාකරණයක් ඇති කරමින් රටේ සංවර්ධනය සඳහා ලැබෙන මුදල් ප්‍රතිපාදන, ආධාර සහ ප්‍රදානයන් ඉතා ඉහළ ගුණාත්මක භාවයෙන් යොදා ගැනීම වත්මන් රජයේ අරමුණ බව ද ජනාධිපතිවරයා පැවසී ය.

ඒ සඳහා නව විගණන පනත පිළිබඳ නව පාර්ලිමේන්තුවේ දී ප්‍රමුඛත්වයක් ලබාදෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

ඒකාබද්ධ වාර්තාකරණය තුළින් ව්‍යාපාරික සඵලතාවය මැයෙන් ගෝලීය කළමණාකරන ගණකාධිකාරිවරුන්ගේ සමුළුව 27 වැනි දා කොළඹ දී ආරම්භ කෙරිණි. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, සිංගප්පූරුව, මැලේසියාව, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 12 ක නියෝජිතයින් ඊට එක් ව සිටින අතර එම සමුළුව අද (29) අවසන් වෙයි.

ශ්‍රී ලංකාවේ ගණකාධිකරණය පිළිබඳ හොඳම ආයතන 25 කට සම්මාන සහ සහතික පත් ප්‍රදානය කිරීම ද එහි දී ජනාධිපතිවරයා විසින් සිදු කෙරිණ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 July 2015 20:39