May 19, 2024

වසීම් තාජුදීන් ඝාතනය : අවසන් වාර්තාව සැප්තැම්බර් 10 ට පෙර අධිකරණයට!

හිටපු ශ්‍රී ලංකා රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ මරණය හා සම්බන්ධ සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සැප්තැම්බර් 10 වන දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා මීට සුළු මොහොතකට පෙර අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට නියෝග කළේය.

එමෙන්ම අධිකරණයට අවශ්‍ය වූ විට විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු සාක්ෂිකරුවන් ලෙස කැඳවීමට ඇති ඉඩ කඩ පිලිබඳ නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගන්නා ලෙසට ද නිශාන්ත පීරිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ගේ මරණය රිය අනතුරකින් සිදු වූවක් නොව මිනී මැරුමක් බව රහස් පොලිසිය ඊයේ දින (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

2012 වසරේ නාරාහේන්පිට පාර්ක් විදියේ සිය වාහනය තුළ වසීම් තාජුදින් මරා දමා තිබූ බවට සැක කෙරුණු නමුත් එය රිය අනතුරකින් සිදුවූවක් බව මිට පෙර පොලිසිය විසින් ප්‍රකාශයට පත් කොට තිබිණ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 July 2015 15:26