May 19, 2024

ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල අද

ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල - 2014 අද (28) ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ ආරවුල් නිරාකරණ මණ්ඩලයේ සභාපති නිහාල් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස මහ හෝටලයේ දී පැවැත් වේ.

16 වැනි වරටත් පැවැත්වෙන මෙම සම්මාන උළෙල ශ්‍රී ලංකා කර්තෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක් ව සංවිධානය කරයි.

ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් තෝරා ගත් ජනමාධ්‍යවේදීන් ලෙස දිගු කලක් ක්ෂේත්‍රයට විශේෂ දායකත්වයක් ලබා දුන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් 05 දෙනෙකු සඳහාත් ඩී.ආර්. විජේවර්ධන සම්මානයත් ශ්‍රී ලංකාවේ පුවත්පත් නිදහස ආරක්ෂා කිරීම සඳහා කැපවීම වෙනුවෙන් පිරිනැමෙන සේපාල ගුණසේන සම්මානයත් මෙහි දී පිරිනැමීමට නියමිතයි.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 July 2015 14:22