May 19, 2024

පුපුරණ ද්‍රව්‍ය සහිත බැරලයක් කටුනායක ගුවන් කදවුර අසල ඇලකින් හමුවෙයි

කටුනායක ගුවන් හමුදා කදවුර පිටත වෙරළබඩ පාරේ ඇල මාර්ගයක තිබී පුපුරණ ද්‍රව්‍ය අඩංගු ප්ලාස්ටික් බැරලයක් ඊයේ (27) සොයා ගත් බව පොලීසිය පවසයි.

ගුවන් හමුදා කදවුර පිටත වෙරළබඩ පාරේ ඇල මාර්ගය එළිපෙහෙළි කළ පිරිසකට කිලෝ 50ක් පමණ බරැති මෙම පුපුරණ ද්‍රව්‍ය සහිත බැරලය හමුවී ඇති බවත් ලීටර් 45 ක පමණ බැරලයක මෙම පුපුරණ ද්‍රව්‍ය බහා තිබූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසී ය.

2009 වසරේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් කටුනායක ගුවන්තොටුපළට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි අවස්ථාවේ කඩා වැටුණු ගුවන් යානයේ තිබියදී මෙම පුපුරණ ද්‍රව්‍ය බැරලය වැටෙන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරයි.

මෙම පුපුරණ ද්‍රව්‍ය සහිත බැරලය කටුනායක ගුවන් හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය බාරයට ගෙන ඇති බවත් පසුව එය කල්පිටිය ප්‍රදේශයට ගෙන ගොස් විනාශ කිරීමට නියමිත බවත් පොලීසිය පැවසීය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 July 2015 16:01