May 19, 2024

රටම අන්තර්ජාල කලාපයක් කිරීමට Google සමග ගිවිසුමක් (VIDEO)

Google සමාගම විසින් ලෝවැසි සැමට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීමේ ව්‍යාපෘතියක් ලෙස හඳුන්වාදීමට නියමිතව ඇති Google Loon ව්‍යාපෘතියෙහි ප්‍රථම අදියර ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව තෝරාගෙන තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා Google සමාගම සමග ඓතිහාසික ගිවිසුමක් අද (28) දින අත්සන් කෙරෙනු බව ගරු විදේශ කටයුතු, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනය කර සිටියි.

මෙමඟින් ඉහළ අහසේ ස්ථාපනය කෙරූ බැලූන් උපයෝගී කරගනිමින් ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ සෑම බිම් අඟලක්ම ආවරණය කරමින් අන්තර්ජාලයට පහසුකම් ලබා දීමට හැකියාව ලැබේ.

Google Loon වැඩසටහන 2011 වසරේ දී රහස්‍ය පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස ඇරඹි අතර මෙහි නියමු ව්‍යාපෘතිය 2013 වසරේ දී නවසීලන්තයේ දකුණු දූපතේ ක්‍රියාත්මක කෙරිණ.

පෘතුවියේ දකුණු අර්ධගෝලයේ රටවල් කිහිපයකම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබූ අතර පසුව සමකාසන්න රටක් වන බ්‍රසීලයේ ද Google Loon ව්‍යාපෘතියේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත.

Google Loon පිළිබඳ වීඩියෝවක් පහතින් නරඹන්න.

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 28 July 2015 14:56